April 19, 2024

කාබුල් අගනුවරට මරාගෙන මැරෙන ප්‍රහාරයක්

කාබුල් අගනුවර ඉරාක තානාපති කාර්යාලය අසලට එල්ල වූ මරාගෙන මැරෙන ප්‍රහාරයකින් අනතුරුව ඇෆ්ගනිස්ථානයේ ආරක්ෂක හමුදා සහ සන්නද්ධ කැරලිකරුවන් අතර වෙඩි හුවමාරුවක් හට ගත් බවබ් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

බැග්ඩෑඩ් අගනුවර මධ්‍යයේ පිහිටි ශාර් ඒ නව් ප්‍රදේශයේ (Shar-e-Naw) ඉරාක තානාපති කාර්යාලය අසලදී මරාගෙන මැරෙන ප්‍රහාරකයා සිය බෝම්බය පුපුරුවාගත් අතර, ඉන් අනතුරුව ප්‍රහාරකයන් තිදෙනෙකු තානාපති කාර්යාල සංකීර්ණයට ඇතුළු වූ බව ඇෆ්ගනිස්ථානයේ අභ්‍යන්තර කටයුතු භාර අමාත්‍යාංශය පවසයි.

සියලු ප්‍රහාරකයන් මරා දමා තානාපති කාර්යාලය වැටලීම නිමා කරන ලද බව අමාත්‍යාංශය පවසයි.

(බීබීසී)

Rate this item
(0 votes)