March 29, 2024

tomorrowland වේදිකාවේ ගින්නක් (VIDEO)

ජනප්‍රිය DJ ප්‍රසංගයක්වන tomorrowland වේදිකාවේ ගින්නක් හට ගත් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ස්පාඤ්ඤයේ බාසිලෝන හිදී මෙවර එම ප්‍රසංගය පැවැත්වෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ගින්න හේතුවෙන් 22,000 ක් පමණ ප්‍රේක්ෂකයන් පිරිසක් එම භූමියෙන් ඉවත් කරනු ලැබූ බවත් මේ ගින්න හේතුවෙන් කිසිවෙකුටත් හානියක් වී නොමැති අතර අදාළ ගින්න කාර්මික දෝෂයක් හේතුවෙන් හට ගන්නට ඇතැයි විශ්වාස කරයි.

ගින්න සම්බන්ධයෙන් මේ වන විටත් පරීක්ෂණ ආරම්භ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එම වීඩියෝව පහතින්

Rate this item
(1 Vote)