April 18, 2024

ඉන්දියාවේ ගංවතුරෙන් 185ක් මිය යයි

ඉන්දියාවේ දැනට පවතින අධික ගංවතුර හේතුවෙන් මේ වන විට පුද්ගලයන් 185 දෙනෙකු මිය ගොස් ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

ගංවතුරෙන් දැඩි බලපෑමක් එල්ල වී ඇත්තේ ගුජරාටි,ඇසෑම් සහ අරුනාචලම් යන ප්‍රන්තවලට වන අතර අවතැන් වූ 36000 ක් පමණ ආරක්ෂිත ස්ථාන කරා යොමු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඊයේ දිනයේ මෙහෙයුම්වල නිරත සහන කණ්ඩායම් විසින් ගංවතුරින් මිය ගොස් සිටි එකම පවුලේ 17 දෙනෙකුගේ මළ සිරුරු සොයාගනු ලැබූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Rate this item
(0 votes)