April 25, 2024

මුම්බායි ගොඩනැගිල්ලක් කඩා වැටෙයි

ඉන්දියාවේ මුම්බායි නගරයේ  මහල් හතරක ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් පුද්ගලයන් 30දෙනෙකු පමණ එහි සිරවී සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා සදහන් කරයි.

මේවන විට පුද්ගලයින් 8  දෙනෙකුගේ මළ සිරුරු හමුව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා වේ.

මහල් හතරකින් යුත් නිවාස සංකීර්ණයක් මෙසේ කඩා වැටී ඇති බවත් ගොඩනැගිල්ල කඩා වැටෙන අවස්ථාවේ එහි සැලකිය යුතු පිරිසක් සිට ඇති බව විදෙස්  වාර්තා වේ.

මේ වනවිට ගොඩනැගිල්ල කඩා වැටීමෙන් සුන්බුන් අතර සිරවී සිටින පිරිස් බේරා ගැනීමේ මෙහෙයුම් ඇරඹී ඇති අතර දැනට පුද්ගලයන් 15 දෙනෙකුගේ ජිවිත බේරා ගැනීමට හැකි වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි

ගොඩනැගිල්ලේ සෙසු මහල්වල පවුල් කිහිපයක් ජීවත් වී ඇති අතර තවත් 10 දෙනෙකු පමණ සුන්බුන් අතර සිර වී සිටින බවට විශ්වාස කරන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම ගොඩනැගිල්ලේ වෛද්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ද පවත්වාගෙන ගොස් තිබෙන බවත් එහි ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණි පිරිසක් ද සිරවී සිටින පිරිසට අයත් බවත් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරයි.

 

Rate this item
(0 votes)
Last modified on Wednesday, 26 July 2017 09:37