April 20, 2024

ඇෆ්ගනිස්ථානයේ කාබුල් නුවරට බෝම්බ ප්‍රහාරයක්

මෝටර් රථයක් යොදා ගනිමින් ඇෆ්ගනිස්ථානයේ කාබුල් නුවරට බෝම්බ ප්‍රහාරයක් එල්ල කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එරට බලධාරීහු පවසන්නේ බෝම්බ ප්‍රහාරයෙන් අවම වශයෙන් පුද්ගලයින් 24 දෙනෙකුවත් මියයන්නට ඇති බවයි.

ප්‍රහාරයෙන් තවත් 40 දෙනෙකුට තුවාල ලබා ඇති අතර බොහෝදුරට මරණයට පත් සංඛ්‍යාව ඉහළ යා හැකි බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ෂියා මුස්ලිම්වරුන් වැඩි වශයෙන් වෙසෙන කාබුල් අගනුවර බටහිර කලාපයේ ධාවනය වෙමින් තිබූ රජයේ සේවකයන් රැගත් බස් රථයක් ප්‍රහාරයට ඉලක්ක වී ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි.

ප්‍රහාරයේ වගකීම තාලිබාන් සංවිධානය විසින් භාරගෙන ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි.

ඇෆ්ගනිස්ථානයේ කාබුල් අගනුවරට මේ වසර තුළ දරුණු බෝම්බ ප්‍රහාර ගණනාවක්ම එල්ල වූ අතර තාලිබාන් සහ අයි.එස් සංවිධානය විසින් එම ප්‍රහාර එල්ල කර ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි.

කාර්ය බහුල වෙලාවක් දී ප්‍රහාරය එල්ල වී ඇති අටහ්ර බස් රථය සම්පුර්ණයෙන්ම විනාශ වී ගොස් ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි.

තාලිබාන් සංවිධානය පවසා ඇත්තේ රජයේ බුද්ධි අංශ සාමාජිකයන් පිරිසක් මෙම ප්‍රහාරයේ ඉලක්කය වූ බවයි.

(බීබීසී)

Rate this item
(0 votes)
Last modified on Tuesday, 25 July 2017 10:22