April 18, 2024

ජස්ටින් බීබර්ට චීනයේ සංගීත සංදර්ශන පැවැත්වීම තහනම්

කැනඩා ජාතික යොවුන් පොප් ගායක ජස්ටින් බීබර්ට චීනයේ සිය සංගීත සංදර්ශන පැවැත්වීම තහනම් කරන බව බෙයිජිං අගනුවර පිහිටි සංස්කෘතික බියුරෝව පවසා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

නරක හැසිරීමක් සහිත තරුණ පොප් ගායකයාට සිය රටේ සංගීත සංදර්ශන පැවැත්වීමට අවසර දිය නොහැකි බව නිවේදනයක් නිකුත් කරමින් සංස්කෘතික අමාත්‍යාංශය සඳහන් කර ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි.

ජස්ටින් බීබර් යනු ඉතාමත් දක්ෂ ගායකයෙක්වන නමුත් ඔහු මතභේදයට ලක් වූ විදේශීය ගායකයෙක් යනුවෙන් ද එම නිවේදනයේ සඳහන් වී ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි.

කැනඩා ජාතික යොවුන් ගායකයා ආසියාව තුළ මතභේදයට ලක් වූ පළමු වතාව මෙය නොවන බවත් ජපානයේ තෝකියෝ නුවර පිහිටි මතභේදයට ලක් වූ යසුකුනි පුද බිමේ සංචාරයක යෙදීම හේතුවෙන් 2014 දී ජස්ටින් බීබර් සමාජ ජාල ඔස්සේ දැඩි විවේචනයට ලක් වූ බවත් එරට මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.

 (බීබීසී)

Rate this item
(0 votes)
Last modified on Monday, 24 July 2017 09:59