April 25, 2024

ඉන්දීය නව ජනපති රාම් නාත් කෝවින්ද්

ඉන්දියාවේ පැවති ඡන්ද විමසීමෙන් එරට නව ජනාධිපතිවරයා ලෙස රාම් නාත් කෝවින්ද් මහතා පත්ව තිබෙන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

ඒ අනුව ඔහු ඉන්දියාවේ 14 වන ජනාධිපතිවරයා ලෙසට ලබන 25 වනදා දිවුරුම් දීමට නියමිතයි.

ඡන්ද විද්‍යාල ක්‍රමයට පැවැත්වෙන එරට ජනාධිපතිවරයා තෝරාගැනීමේ ක්‍රමවේදයෙන් තුනෙන් දෙකක ඡන්දයක් ලබා ගනිමින් තම ජයග්‍රහණය තහවුරු කර ගැනීමට හෙතෙම සමත්ව ඇති බව ඉන්දීය පුවත් සේවා උපුටා දක්වයි.
බිහාර් ප්‍රාන්තයේ හිටපු ආණ්ඩුකාරවරයෙකු වන රාම් නාත් කෝවින්ද් මහතාගේ දිල්ලි නුවර පිහිටි නිවසට මේ වන විට දැඩි ආරක්ෂාවක් යොදා ඇති බවද ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

එමෙන්ම ඔහුගේ පාක්ෂිකයන් රැසක්ද නිවාස වටා එක් රැස්ව සිටින බව එරට මාධ්‍ය වාර්තා කරයි.

අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි  විසින් ට්විටර් පණිවිඩයක් මගින් ඔහුට සුභාශිංසන එක් කොට ඇති බවද වැඩිදුරටත් එරට මාධ්‍ය වාර්තා කරයි.

Rate this item
(0 votes)
Last modified on Friday, 21 July 2017 09:44