April 19, 2024

ලොවම කළඹමින් අභ්‍යවකාශයෙන් ආ අද්භූත සංඥාව

පෘථිවියේ සිට ආලෝක වර්ෂ 11ක් ඈතින් පිහිටි කුඩා තාරකාවක් වෙතින් පැමිණි හඳුනා නොගත් ගුවන් විදුලි සංඥාවක් පිළිබඳ තාරකා විද්‍යාඥයන්ගේ අවධානය යොමුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

දකුණු ඇමරිකාවේ පුවටොරිකෝ හි පිහිටි දැවැන්ත රේඩියෝ දුරේක්ෂයක් මඟීන් මෙම සංඥාව ග්‍රහණය කර ඇති බව එරට මාධ්‍ය සඳහන් කරයි.

සංඥාව පැමිණි රොස් 128 ලෙස නම් කෙරුණු තාරකාව අප සුර්යයාගේ ආලෝකය මෙන් 2800 ගුණයකින් අඩු ආලෝකයක් සහිත වන අතර එය වටා ග්‍රහලෝක පවතින බවක් මෙතෙක් සොයාගෙන නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

කෙසේවෙතත් මෙම සංඥාව පරික්ෂාවට ලක් කරන තාරකා ජීව විද්‍යාඥයන් පවසන්නේ එය විශ්වයේ බුද්ධිමත් ජීව විශේෂයකින් නිකුත් කළේ ද යන්න බැහැර කළ නොහැකි බව එරට මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 19 July 2017 13:08