July 23, 2017

ඉන්දියාව තැබූ ෆේස්බුක් වාර්තාව

ෆේස්බුක් ගිණුම් හිමියන් වැඩිම ප්‍රමාණයක් සිටින රට බවට ඉන්දියාව පත් වී ඇති බව මෑතකදී සිදු කරන ලද සමීක්ෂණයකින් හෙළි වී ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි.

එම සමීක්ෂණ වාර්තාවලට අනුව ඉන්දියාව තුළ මේ වන විට ෆේස්බුක් ගිණුම් හිමියන් මිලියන 214 ක් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මීට පෙර ඇමරිකාව ෆේස්බුක් ගිණුම් හිමියන් වැඩිම ප්‍රමාණයක් සිටින රට බවට පත්ව සිට ඇති අතර මේ වන විට ඉන්දියාව එම වාර්තාවට හිමිකම් කියනු ඇත.

ඇමරිකාව තුළ ෆේස්බුක් ගිණුම් මිලියන 240ක ප්‍රමාණයක් තිබෙන අතර ඉන්දියාව තුළ එක් මසකට සාමාන්‍ය ක්‍රියාකාරී ෆේස්බුක් ගිණුම් හිමියන් ප්‍රමාණය මිලියන 201 බව සඳහන් වේ.

ෆේස්බුක් ගිණුම් මිලියන 139 ක් හිමිකර ගනිමින් තෙවැනි තැනට ෆේස්බුක් ගිණුම් හිමියන් වැඩිම ප්‍රමාණයක් සිටින රට බවට බ්‍රසීලය පත්ව තිබෙන බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරයි.

Rate this item
(0 votes)