March 29, 2024

ඉන්දියාව චීනය දෙසට න්‍යෂ්ටික මිසයිල ස්ථාපිත කරයි

සිය න්‍යෂ්ටික අවි අඛණ්ඩව නවීකරණය කරන ඉන්දියාව, පාකිස්ථානයට අමතරව චීනය ද ඉලක්ක කරගෙන මිසයිල ස්ථාපිත කර ඇති බව ඇමරිකානු න්‍යෂ්ටික විශේෂඥයන් විසින් හෙළිදරව් කර ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි.

ආරක්ෂක තොරතුරු සඟරාවකට ලිපියක් ඉදිරිපත් කරමින් ඔවුන් කියා සිටින්නේ ඉන්දියාවට න්‍යෂ්ටික අවි 200ක් පමණ නිපදවීමට අවශ්‍ය ප්ලූටෝනියම් ඉන්ධන පවතින අතර, ඔවුන් දැනට න්‍යෂ්ටික අවි 120 ත් 130 ත් අතර ප්‍රමාණයක් නිපදවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

න්‍යෂ්ටික ප්‍රහාරක පද්ධති 7ක් දැනට ඉන්දියාව සතු වන අතර ගුවන් යානා 2ක්, ගොඩබිම ස්ථාපිත මිසයිල පද්ධති 4ක් සහ මුහුදේ සිට එල්ල කරන බැලිස්ටික් මිසයිල පද්ධතියක් ඊට ඇතුලත් බව එරට මාධ්‍ය වාර්තා කරයි.

Rate this item
(3 votes)
Last modified on Friday, 14 July 2017 11:31