ගතව ගිය තිස් වසර ඇතුළත ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් 4000 කට වැඩි නඩු ප්‍රමාණයකට සම්බන්ධ වී තිබෙන බව ඇමෙරිකා එක්සත් ජනපද මාධ්‍ය වාර්තාවල දැක්වෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
සිය සගයන්ට ප්‍රසංශා කිරීම සඳහා මෙන්ම විරුද්ධවාදීන්ව දැඩි විවේචනයට ලක් කිරීම සඳහාත් ට්විටර් ජාලය භාවිත කරන ජනාධිපති ට්‍රම්ප් දැඩි ට්විටර් ලෝලියෙක් බව එරට මාධ්‍ය වාර්තා කරයි.
මේ තත්වය යටතේ ඔහුගේ ට්විටර් සම්බන්ධතාව තමන්ට අවහිර කිරීමට එරෙහිව අලුත්ම නඩුව පවරා තිබෙන්නේ භාෂණයේ නිදහස වෙනුවෙන් පෙනී සිටින කණ්ඩායමක් වන, කොළොම්බියා විශ්වවිද්‍යාලයේ නයිට් ෆස්ට් ඇමෙන්ඩ්මන්ට් ආයතනය (Knight First Amendment Institute) විසින් බව එරට මාධ්‍ය වාර්තා කරයි.
ජනපතිවරයාගේ ට්විටර් පණිවුඩ හාස්‍යයට ලක්කරමින් හෝ විවේචනය කරමින් එයට ප්‍රතිචාරය දැක්වීමෙන් අනතුරුව ජනපතිවරයා හෝ ඔහුගේ ආධාරකරුවන් ඔහු සමග ට්විටර් සම්බන්ධතාව අවහිර (block) කර තිබෙන බවට පැමිණිලිකරුවෝ පවසති.
(බීබීසී)