April 24, 2024

මැමත් සත්වයාට යළි පණ දීමට ධනවතෙකු මුදල් යොදවයි

යෝධ ලොම් සහිත මැමත් සත්වයෙකුට පණ දීමේ ව්‍යාපෘතියට මුදල් යෙදවීමට ලොව ධනවතෙකු බලාපොරොත්තු වන බව විදෙස් මාධ්‍ය වාර්තා වාර්තා කරයි.

එම කාර්යයට මෙලෙස අත දීමට කටයුතු කරනු ලබන්නේ බිලියනපතියෙකු මෙන්ම papyal සමාගමේ නිර්මාතෘ වන පීටර් තිල් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඔහු විසින් ඩොලර් 100,000ක මුදලක් ග්ලැසියර් ආශ්‍රිතව සොයාගත් මැමත් සිරුරුවලින් වෙන්කර ගත් ඩි.එන්.ඒ වලින් හයිබ්‍රිඩ් ඇතෙකු නිර්මාණය කරන ව්‍යාපෘතිය වෙනුවෙන් දැනටමත් ලබා දී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ආසියානු ඇතින්නියකගේ ඩි.එන්.ඒ හා දැනට සොයාගෙන තිබෙන මැමත් ඩි.එන්.ඒ කෘතීම ගර්භාෂයක සංසේචනය කර හයිබ්‍රිඩ් ඇතෙකු මෙලොවට බිහි කිරීමට විද්‍යාඥයෝ බලාපොරොත්තු වන බවද විදෙස් මාධ්‍ය තවදුරටත් වාර්තා කරයි.

Rate this item
(0 votes)