April 20, 2024

ඇමරිකාවට ළඟා විය හැකි මිසයිලයක් උතුරු කොරියාව අත්හදා බලයි

අන්තර් මහද්වීපික (Intercontinental missile) මිසයිලයක් සාර්ථකව අත්හදා බැලූ බව උතුරු කොරියාව නිවේදනය කර ඇති තිබේ.

ඇමරිකානු භූමිය වෙත ළඟා වීමේ හැකියාවක් පවතින අන්තර් මහද්වීපික බැලිස්ටික් මිසයිලයක් උතුරු කොරියාව විසින් සාර්ථකව අත්හදා බැලූ බව පැවසෙන පළමු අවස්ථාව මෙය ලෙස එරට මාධ්‍ය වාර්තා කරයි.

ජපාන මුහුදු සීමාවට මිසයිලය පතිත වී ඇති බවත් එය උතුරු ඇමරිකාවට තර්ජනයක් නොවන බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

කොරියානු අර්ධද්වීපය තුළ ඉහළ යමින් පවතින උණුසුම්කාරී වාතාවරණය හමුවේ මිසයිල අත්හදා බැලීම් සිදු කරන වාර ගණන උතුරු කොරියාව විසින් ඉහළ නංවනු ලැබ ඇති බවත් උතුරු කොරියාවේ නායක කිම් ජොන්ග් අන්ගේ නිරීක්ෂණය යටතේ හ්වාසොං 14 වර්ගයේ මිසයිලයක් දියත් කළ බව එරට රජයේ රූපවාහිනිය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.

මිසයිලය කිලෝමීටර 2,802 ක ප්‍රක්ෂේපිත දුරකට ළඟා වී මුහුදු සීමාවේ වෙත වූ ඉලක්කයට ළඟා වීමට පෙර කිලෝමීටර 933 ක් පියාසර කළ බවද නිවේදනයේ සඳහන් වී ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි.

(බීබීසී)

Rate this item
(0 votes)