March 29, 2024

කැබිනට් ඇමතිවරු 10 කට සීමා කර මන්ත්‍රී ගණන අඩු කරයි

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සංඛ්‍යාව තුනෙන් එකකින් අඩු කිරීමටත් කැබිනට් ඇමතිවරුන්ගේ සංඛ්‍යාව දස දෙනෙකුට සීමා කිරීමටත් ප්‍රංශයේ නව ජනාධිපති එම්මානුවෙල් මැක්රෝන් යෝජනා කර ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී සංඛ්‍යාව අඩු කිරීම තුළින් රටට සේවය කිරීම සඳහා වැඩි සම්පත් ප්‍රමාණයක් සහ නම්‍යශීලීභාවයක් ලැබෙන බවත්  පාර්ලිමේන්තුව කුඩා වන විට කාර්යක්‍ෂමතාව ඉහළ යන බවත් ප්‍රංශ ජනාධිපති මැක්රෝන් පවසා ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

ප්‍රංශයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මණ්ඩල දෙකම එකවර කැඳවා මෙවැනි සැසිවාරයක් පැවැත්වෙන්නේ ඉතා කලාතුරකින් බවත් ඉහත කී යෝජනා ක්‍රියාත්මක වීමෙන් දෙවසරකට පසු එහි ප්‍රගතිය ඇගයීමකට ලක් කිරීමට නියමිත බවත් එරට මාධ්‍ය වාර්තා කරයි.

වසරක් ඇතුළත මෙම ප්‍රතිසංස්කරණ නීතිගත කිරීමට අපොහොසත් වුවහොත් ඒ සඳහා ජනමත විචාරණයකට ගොස් ජනවරමක් ලබා ගන්නා බව ජනාධිපති මැක්රෝන් ප්‍රකාශ කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

(බීබීසී)

Rate this item
(0 votes)