March 28, 2024

ට්‍රම්ප්ගේ සංචාර තහනම අද සිට ක්‍රියාත්මකයි

ඇමරිකානු ශ්‍රේෂ්ඨාධිකරණය මඟින් පාර්ශවීය වශයෙන් අවසර ලබා දුන් ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මතභේදකාරී සංචාර තහනම ශ්‍රී ලංකා වේලාවෙන් අද (30) උදෑසන 5.30 සිට ක්‍රියාත්මකවන බව එරට මාධ්‍ය වාර්තා කරයි.

ඉරානය, ලිබියාව, සිරියාව, සෝමාලියාව, සුඩානය සහ යේමනය යන රටවලින් මේ අනුව ඇමරිකාවට නිශ්චිත සබඳතාවක් නොමැති කිසිවෙකුට එරටට පැමිණීම සඳහා වීසා නිකුත් නොකෙරෙන බවද විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

මෙම තහනම දින 90 ක කාලයක් සඳහා ක්‍රියාත්මක වන බවත් සඳහන් වේ.

එමෙන්ම සියලුම සරණාගතයන්ට දින 120ක කාලයක් ඇමරිකාවට ඇතුළු වීම තහනම් කිරීමේ නියෝගයටද ඇමරිකානු ශ්‍රේෂ්ඨාධිකරණයේ අනුමැතිය හිමි වූ අතර එයද ඒ අනුව ක්‍රියාත්මක වනු ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Rate this item
(1 Vote)