April 24, 2024

වසර 20කට පසු ට්‍රම්ප් සම්ප්‍රදායක් කඩ කරයි

රාමසාන් උපවාස සමය අවසාන වීම සමරමින් රාත්‍රී භෝජන සංග්‍රහයක් සංවිධානය කිරීමේ සම්ප්‍රදාය ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මෙවර කඩකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙය වසර විස්සක් පමණ තිස්සේ ධවල මන්දිරය විසින් පවත්වාගෙන එනු ලැබූ සම්ප්‍රදායක් බවත් රාමසාන් උපවාසය අත් හැරීමේ ඉෆ්තාර් උත්සවය සැමරීම සඳහා  වසරක් පාසා ධවල මන්දිරයේ පැවැත්වෙන රාත්‍රී භෝජන සංග්‍රහය ආරම්භ වූයේ බිල් ක්ලින්ටන් ජනාධිපති ධුරය හොබවන කාලයේදී බවත් විදෙස් වාර්තා සඳහන් කරයි.

මෙවර ද එවැන්නක් සංවිධානය කිරීම සඳහා කෙරුණු යෝජනාව එක්සත් ජනපදයේ රාජ්‍ය ලේකම්වරයා විසින් ප්‍රතික්‍ෂේප කර තිබේ.

ඒ සඳහා එක්සත් ජනපදයේ ආගමික කටයුතු පිළිබඳ රාජ්‍ය දෙපාර්තමේන්තුව කළ නිර්දේශය රාජ්‍ය ලේකම් රෙක්ස් ටිලර්සන් ප්‍රතික්‍ෂේප කර ඇති බව පසුගිය මැයි මාසයේදී රොයිටර් පුවත් සේවය වාර්තා කළේය.

(බීබීසී)

 

Rate this item
(0 votes)