April 24, 2024

තෙල් බවුසරයක් පිපිරීමෙන් 150ක් මිය යයි

පාකිස්ථානයේ ඉන්ධන බවුසරයක් පුපුරා යාමෙන් 150ට අධික පිරිසක් මරණයට පත්ව ඇති බව පාකිස්තාන බලධාරීහු පවසති.

ඊයේ (25) සිදු වූ එම අනතුරින් දරුණු ලෙස පිළිස්සුම් තුවාල ලත් තවත් විශාල පිරිසක් රෝහල් ගත කර ඇති බවත් මරණයට පත් පිරිස අතර දරුවන් 20 දෙනෙකු ද සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එරට පොලීසියේ අනතුරු ඇඟවීම් නොතකා පෙරළුණු බවුසරයෙන් ඉන්ධන ලබා ගැනීමට ජනතාව ඒ වෙත එක් රැස් වී ඇති අතර ඒ අසල දුම්පානය කිරීම ගින්නට හේතු වී ඇතැයි ඇතැමුන් සැක පළ කරන බව එරට මාධ්‍ය වාර්තා කරයි.

රථ වාහන නිසි ලෙස නඩත්තු නොකිරීම සහ නොසැලකිලිමත් රිය පැදවීම පාකිස්තානයේ මාර්ග අනතුරුවලට බොහෝ විට හේතු වී ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කළේය.

(බීබීසී)

 

 

Rate this item
(0 votes)