April 20, 2024

පෘතුවියට සමාන ග්‍රහලෝක 10ක් නාසා ආයතනයෙන් සොයා ගැනේ

අප අයත්වන සෞරග්‍රහ මණ්ඩලයෙන් පිටත ඇති නව ග්‍රහලෝක 219ක් හදුනා ගත් බව නාසා ආයතනය පවසයි.

ඒ අතරින් ග්‍රහලෝකයන් 10ක් පෘතුවියට සමාන වන අතර සෞරග්‍රහ මණ්ඩලයේ ඇති ප්‍රධාන තාරකාවට ඉතාමත් ළඟින් හෝ දුරින් පිහිටා නොමැති නිසා ඉහළ උෂ්ණත්වයක් හෝ අධික සීතලක් එම ග්‍රහලෝකයන්ගේ නොමැති බව නාසා ආයතනය සඳහන් කරයි.

ඒ නිසා මෙම ග්‍රහලෝකයන්ගේ ජලය පැවතිය හැකි බවත් එම ආයතනය සඳහන් කරයි.

පෘථිවියට සමාන ජීවයක් පැවතිය හැකි ග්‍රහලෝක කොපමණ විශ්වයේ ඇත්දැයි යන පැනය නාසා ආයතනය විසින් සිදුකරන පරීක්ෂණ සම්බන්ධයෙන් කුතුහලයන් පසු වන පිරිස් සෑම විටම අසන ප්‍රශ්නයකි.

ඒ අනුව නිවේදනයක් නිකුත් කරමින් නාසා ආයතනය පවසා ඇත්තේ මේ වන විට ග්‍රහලෝක 4034 කෙප්ලර් දුරදක්නය විසින් හදුනාගෙන ඇති බවයි.

ඉන් 2335ක් අප සෞරග්‍රහ මණ්ඩලයෙන් පිටත ඇති ඒවා වන අතර ජීවය පැවතිය යන සැකය සහිත ග්‍රහලෝක 50ක් සොයාගෙන ඇති බවත් එයින් 30 ජීවය පැවතිය හැකි ග්‍රහලෝක වහයෙන් තහවුරු කරගෙන ඇති බවයි.

 

Rate this item
(4 votes)