April 18, 2024

මරාගෙන මැරෙන ඝාතකයාට වෙඩි තබයි (VIDEO)

බෙල්ජියමේ බ්‍රසල්ස් අගනුවර බ්‍රසල්ස් මධ්‍යම දුම්රිය ස්ථානයේ පිපිරීමක් හේතුවෙන් සියලුම මගීන් දුම්රිය ස්ථානයෙන් ඉවත්කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

බෝම්බයක් බැඳ ගෙන, උරස් මල්ලක් රැගෙන සිටි පුද්ගලයෙකු විසින් දුම්රිය ස්ථානයේ කුඩා පිපිරීමක් සිදු කළ බව බෙල්ජියමේ පොලිස් ප්‍රකාශකයෙක් බීබීසී යට පැවසීය.

දුම්රිය ස්ථානයේ සිටි හමුදාව ඔහු පිළිබඳව සැක පහල කළ අවස්ථාවේ ඔහු කුඩා බෝම්බය පුපුරුවා හරි බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

දුම්රිය ස්ථානය තුළදීම හමුදාව ඔහුට වෙඩි තබා ඇති අතර, එහිදී වෙනත් කිසිවෙකුට තුවාල සිදු වී නැති බව විශ්වාස කෙරේ.

මේ වනවිට තත්වය පාලනය කර ඇති බව එරට පොලීසිය පවසයි.

(බීබීසී)

Rate this item
(0 votes)
Last modified on Wednesday, 21 June 2017 13:47