April 17, 2024

ලන්ඩනයේ තට්ටු 24ක ගොඩනැගිල්ලක හදිසි ගින්නක් - ගොඩනැගිල්ල කඩා වැටේදැයි සැකයක්? (VIDEO)

බටහිර ලන්ඩනයේ ගොඩනැගිල්ලක් ඊයේ (13) රාත්‍රී ගිනි ගැනීමකට හසු වී ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.

බටහිර ලන්ඩනයෙන් ලැටිමර් මාර්ගයේ නිවාස සංකීර්ණයක ගින්නක් හටගෙන ඇතැයි ද ඒ තුළ මිනිසුන් සිරවී ඇතැයි ද ඇසින් දුටු පිරිස් පැවසූ බව වාර්තා වේ.

ලැන්කැස්ටර් හි ග්‍රෙන්ෆෙල් ටවර් නිවාස සංකීර්ණයේ මෙම ගින්න හටගෙන ඇති අතර ගින්න නිවීම සඳහා ගිනිනිවන භටයෝ 200කට ආසන්න පිරිසක් පැමිණියහ. 30 ට අධික පිරිසක් රෝහල්වල ප්‍රතිකාර ලබන බව වාර්තාවේ.

තුවාල ලැබූ පිරිසකට ප්‍රතිකාර කළ බව නගර පොලිසිය පැවසීය. ගින්න නිවීම සඳහා ගිනි නිවන රථ 40ක් යැවූ බව ලන්ඩන් ගිනි නිවන ඒකකය පවසයි.

උතුරු කෙන්සිංටන් ප්‍රදේශයේ පිහිටි ග්‍රේන්ෆෙල් ගොඩනැගිල්ල වෙලාගත් ගින්නට එහි සිටි පුද්ගලයින් කොටුවී ඇති බව එහි තත්ත්වය ඇසින් දුටුවෝ පැවසුහ.

ලන්ඩනයේ වේලාවෙන් උදෑසන 4 පමණ වනවිට පොලිසිය සඳහන් කර තිබුනේ ගොඩනැගිල්ලේ සිටි නෙවාසිකයින් ඉන් ඉවත් කෙරෙමින් සිටින බවය.

ඇතැමුන් පැවසුවේ ගොඩනැගිල්ල තුළ කොටුවී යැයි සැළකිය හැකි පුද්ගලයින් කවුළු අසළට පැමිණෙන අයුරු දැකිය හැකි වූ බවය.

මහල් විසිහතරකින් යුතු ගොඩනැගිල්ල මුළුමනින්ම පාහේ ගින්නෙන් වෙලුනු අතර එය කඩා වැටේ යැයි බිය පළවී තිබේ.

"අතිශය අසීරු තත්ත්වයක් යටතේ ගින්න පාලනය කරගැනීමට ගිනි භටයින් දැඩි පරිශ්‍රමයක යෙදී සිටිනවා " යැයි ලන්ඩන් ගිනි නිවීම් සේවයේ සහකාර කොමසාරිස්වරයා ප්‍රකාශ කර තිබේ.

කෙන්සිංටන් හා චෙල්සී නාගරික සභාවට අනුව අනතුරට පත් මහල් විසිහතරකින් යුතු ගොඩනැගිල්ල නිවාස ඒකක 120 න් සමන්විත විණි.

පවුම් මිලියන් 10ක් වැය කරමින් ක්‍රියාත්මක් වූ එහි අලුත්වැඩියාව නිම වුයේ පසුගිය වසරේදීය.

Grenfell Tower Fire

එය කඩා වැටේ යැයි බිය

එය කඩා වැටේ යැයි බිය

එය කඩා වැටේ යැයි බිය


(බීබීසි)

Rate this item
(0 votes)
Last modified on Wednesday, 14 June 2017 13:00