April 20, 2024

පැහැර ගත් චීන ජාතිකයන් දෙදෙනා ISIS ත්‍රස්‌තයන් ඝාතනය කරයි

නිරිත දිග පාකිස්තානයේ තමන් විසින් පැහැරගත් චීන ජාතිකයන් දෙදෙනා ඝාතනය කළ බවට අයි.එස් ත්‍රස්‌ත සංවිධානය විසින් ප්‍රකාශ කොට ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම චීන ජාතිකයන් දෙදෙනා පසුගිය මැයි මාසයේ දී පාකිස්තානයේ ක්වේටා නගරයේදී පැහැරගෙන තිබිණි.

මෙම තොරතුර සනාථ කිරීම සඳහා මේ වන විට කටයුතු කරමින් සිටින බවද චීන විදේශ අමාත්‍යංශය විසින් විදෙස් මාධ්‍ය වෙත ප්‍රකාශ කොට ඇත.

Rate this item
(2 votes)
Last modified on Friday, 09 June 2017 12:38