April 20, 2024

ත්‍රස්තවාදීන්ට උදවු කරපු කටාර් රාජ්‍යයට වැඩ වරදී

සවුදි අරාබිය, සවුදි අරාබි එමීර් රාජ්‍යය, ඊජිප්තුව, බහරේන් කියන රටවල් හතර කටාර් රාජ්‍යය සමඟ ඇති සියලුම රාජ්‍යතාන්ත්‍රික සබඳතාවලට තිත තබා ඇති බව වාර්තා වෙනවා.

අද අලුයම සවුදි අරාබිය නිවේදනයක් නිකුත් කරමින් සවුදි තානාපති කාර්යංශයට දන්වා ඇත්තේ මෙය සිදු කරනු ලබන්නේ රාජ්‍යයේ ආරක්ෂාව තහවුරුකර ගැනීමට බවයි.

මෙයට හේතුව ලෙස ඔවුන් සඳහන් කරන්නේ කටාර් රාජ්‍යය ත්‍රස්තවාදී කණ්ඩායම් කිහිපයකට සහය දැක්වීම නිසා බවයි දැනගන්නට ලැබෙන්නේ.

ඊජිප්තුවේ සිට කටාර් රාජ්‍යය දක්වා සියලුම ගුවන් ගමන් මේ වනවිට නවතා දමා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

එමෙන්ම එක්සත් අරාබි එමීර් රාජ්‍යයයේ සිටින කටාර් රාජ්‍ය තාන්ත්‍රිකයන්ට එරටින් ඉවත් වීමට පැය 48ක කාලයක් ලබාදී ඇති බවත් එක්සත් අරාබි එමෙඑඑර් රාජ්‍යය නිවෙදන්වක් නිකුත් කරමින් දන්වා සිටිනවා.

Rate this item
(0 votes)