March 29, 2024

ඕස්ට්‍රේලියානු ආදී වාසීන්ගේ රැඩිකල් ඉල්ලීම

ඕස්ට්‍රේලියානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිගන්නා මෙන් ඉදිරිපත් වූ ඉල්ලීමක් එරට සමස්ත ආදිවාසී (ඇබොරිජින්) මුල් පදිංචිකාර ප්‍රජාව විසින් බැහැර කරනු ලැබුවා.

ඒ වෙනුවට තමන්ද පාර්ලිමේන්තුව තුළ නියෝජනය කෙරෙන අලුත් විධිමත් ආයතනයක් පිහිටුවන මෙන් එම ජනතාව ඉල්ලා සිටිනවා.

දෙසිය පනහක් නියෝජිතයන් සහභාගී වූ ඓතිහාසික සමුළුවක දී ඕස්ට්‍රේලියාවේ මුල් පදිංචිකරුවන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වෙනසක් සඳහා පමණක් බල කරනු ඇතැයි බලාපොරොත්තු වූ නමුත් "ස්වයංපාලන බලතල දිනා ගැනීම සඳහා පුළුල් රැඩිකල් ප්‍රතිසංස්කරණ" වැඩ පිළිවෙලක් ඔවුහු ඉල්ලා සිටියා.

'උලුරු'(Uluru) නගරයේ පැවැත්වුන දින තුනක හමුවකින් අනතුරුව ඕස්ට්‍රේලියානු භූමියේ ජීවත් වෙන ආදිවාසී ජනයාගේ අභිලාෂයන් නියෝජනය කරන 'නව ජාතික ආයතනයක්' ස්ථාපනය කරන මෙන් ඉල්ලා සිටින ඒකාබද්ධ ප්‍රකාශනයක් නිකුත් කරනු ලැබ තිබෙන අතර එම ආයතනය තුළ ගනු ලබන තීන්දු මධ්‍යම පාර්ලිමේන්තුවට වාර්තා කිරීම ඔවුන්ගේ සැලැස්ම වන බව දැනගන්න ලැබෙනවා.

'උලුරු ප්‍රකාශනය' යනුවෙන් හඳුන්වනු ලබන ඉහත කී ඒකාබද්ධ ප්‍රකාශනය මගින් සිය අභිලාෂයන් විස්තර කරන ඕස්ට්‍රේලියානු ආදිවාසී ජනතාව " කිසිදු සැකයකින් තොරව මේ මිහිතලයේ සිරගත මට්ටමක වෙසෙන ජන කොටස අපි වෙමු. අපි උපතින්ම සාපරාධී ජන කොටසක් නොවෙමු" යයි කියා සිටිනවා.

"අපි අපේ ජනතාවට බලය පැවරෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා වෙනසක් බලාපොරොත්තු වෙනවා. 'අපේ රට තුළ අපට හරි තැන ලැබෙන' වෙනසක් අපට අවශ්‍යයි. අපේ ඉරණම තීන්දු කෙරෙන බලයක් ලදොත් අපේ දරුවන්ට සෞභාග්‍යය සහ ප්‍රබෝධය උරුම වනු ඇත" උලුරු ප්‍රකාශනයේ ඇතුළත් වෙනවා.

තමන් "පිළිගැනීමකට" ලක්වෙන බව පැවසෙන හිස් ප්‍රකාශනයක් නොව ප්‍රමාණවත් ආණ්ඩුක්‍රම වෙනසක් සහ ආකෘතිමය ප්‍රතිසංස්කරණයක් අවශ්‍ය කරන බව ඕස්ට්‍රේලියානු ආදීවාසීන්ගේ 'උලුරු ප්‍රකාශනය' මගින් පෙන්වා දෙනවා.

  ඇබොරිජින් ප්‍රජාව සමඟ ගිවිසුමක් (treaty) අත්සන් කරන මෙන් ඉල්ලා සිටින 'උලුරු ප්‍රකාශනය' ආදිවාසී ජන ඉතිහාසය පිළිබඳව ඇත්ත කීමට බැඳුණ එසේම ව්‍යවස්ථාමය ප්‍රතිසංස්කරණ ක්‍රියාදාමය අධීක්ෂණය කරන කොමිසමක් පිහිටුවන ලෙසත් ඉල්ලීමක් රජයෙන් කරනවා.

ආදිවාසීන් සහිත පොදුරාජ්‍ය මණ්ඩලීය රටවල් අතරින් එම ප්‍රජාව සමඟ කිසිදාක ගිවිසුමක් අත්සන් නොකළ රට ඔස්ට්‍රේලියාව බව මාධ්‍ය වාර්තා කරනවා.

Rate this item
(1 Vote)