April 18, 2024

ජේම්ස් බොන්ඩ් නළු ශ්‍රීමත් රොජර් මූර් අභාවප්‍රාප්ත වෙයි

ජේම්ස් බොන්ඩ් චරිතයට පණදුන් ලෝක ප්‍රකට හොලිවුඩ් නළු ශ්‍රීමත් රොජර් මුවර් දිවියෙන් සමුගත් බව ඔහුගේ පවුලේ ඥාතීහු නිවේදනය කරති.

මිය යන විට ඔහු 89වැනි වියේ පසුවිය.

ජේම්ස් බොන්ඩ් වෘතාන්ත මාලාවේ Live and Let Die සහ The Spy Who Loved Me ඇතුළු චිත්‍රපට හතක ප්‍රධාන චරිතය රඟ දක්වනු ලැබුවේ ශ්‍රීමත් රොජර් මුවර් විසිනි.

පවුලේ ඥාතීන් ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් කියා සිටියේ "පිළිකාව සමඟ කෙටි සහ නිර්භීත සටනකින්" පසු ඔහු දිවියෙන් සමුගත් බව ය.


-බීබීසි-

Rate this item
(0 votes)