April 19, 2024

ඉරාන ජනාධිපතිවරණය අද

ඉරානයේ ඡන්දදායකයන් මැයි 19 වැනිදා උදෑසන පටන් සිය මීළඟ ජනාධිපතිවරයා තෝරාපත් කර ගැනීම සඳහා පිහිටුවා ඇති ඡන්ද මධ්‍යස්ථාන ඉදිරිපිට පෝලිම් ගැසෙනු ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙය ඉරාන් විප්ලවයෙන් පසු එරට පැවැත්වෙන දොළොස් වෙනි ජනාධිපතිවරණයි. වයස අවුරුදු දහඅට සම්පූර්ණ කර සිටින කෝටි පහ හමාරක් පමණ ලියාපදිංචි ඉරාන ජාතිකයන් මෙවර ජනාධිපතිවරණයේ දී ඡන්දය දීමට සුදුසුකම් ලැබ සිටින අතර විදේශගත සිය පුරවැසියන්ට ද ඡන්දය දීම සඳහා ඇමෙරිකා එක්සත් ජනපදය ද ඇතුළුව රටවල් 103 ක ඡන්ද මධ්‍යස්ථාන පිහිටුවීමට ටෙහෙරාන් මැතිවරණ නිලධාරීන් විසින් පියවර ගනු ලැබ ඇත.

එහෙත් කැනඩාව සහ ඉරානය සමඟ රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතා අත්හිටුවා ඇති රටවල් දෙකක් එවැනි ඡන්ද මධ්‍යස්ථාන පිහිටුවනු ලැබීම ප්‍රතික්ෂේප කර ඇත.

වයස අවුරුදු දහඅට ඉක්මවූ ඉරාන් පුරවැසියන් ජනාධිපතිවරණය සඳහා සුදුසුකම් ලබන නමුත් එසේ ඉදිරිපත් වෙන පුද්ගලයන් අතරින් සුදුසු අපේක්ෂකයන් වන්නේ කවුරුන්ද යන්න තීන්දු කරනු ලබන්නේ මැතිවරණ අධීක්ෂණ ආයතනය(EMA) සහ ඉරාන් උත්තරීතර ආගමික පාලක සභාව මගිනි.

2009 ජනධිපතිවරණය සඳහා ඉරාන් ජාතිකයන් 36000 ක් අපේක්ෂකයන් හැටියට ලියාපදිංචි වීමේ වාර්තාවක් ඇති අතර එහෙත් ඉහත කී නිල ආයතන මගින් තෝරා ගනු ලැබුණේ ඔවුන් අතරින් කීපදෙනකු පමණි.

උදාහරණයක් වශයෙන් කාන්තාවන් ද ජනාධිපති ධූර අපේක්ෂකත්වය ඉල්ලා ලියාපදිංචි වෙන නමුත් ඔවුන් නිසැක ලෙසම ප්‍රතික්ෂේප කරනු ලැබෙති.

-බීබීසි-

Rate this item
(0 votes)