March 28, 2024

ෆේස්බුක් පිටු 130ක් වහා ඉවත් කරන්න - තායි රජයෙන් ඉල්ලීමක් 

තායිලන්ත රාජකීයයන්ට අපහාසාත්මක ෆේස්බුක් වෙබ් පිටු 130 ක් වහා ඉවත් කරන ලෙස තායි රජය ෆේස්බුක් සමාගම වෙත දැනුම්දී ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි.

එසේ නොමැතිනම් නීතිමය ක්‍රියාමාර්ගයකට එළඹෙන බව හමුදාවේ සහය ලබන තායි රජය ප්‍රකාශ කළේය. 

මෙම වෙබ් පිටු ඉවත් කර ගැනීමට ලබන අගහරුවාදා දක්වා කාලය ලබාදෙන බව ද තායිලන්තය ප්‍රකාශකර ඇතැයි වාර්තා වේ.

කෙසේ නමුත් රාජ්‍යයන් වෙතින් සිදුකෙරෙන ඉල්ලීම් පිළිපැදීමට සූදානම් නොමැති බවත් යම් රටක් තුල නීතිය උල්ලංඝනය කර ඇත්නම්, ඊට මුහුණදීමට සූදානම් බවත් ෆේස්බුක් ආයතනය ප්‍රකාශ කර තිබේ. 

තායිලන්තයේ වර්තමාන නීතියට අනුව රජ පවුලට අපහාසාත්මක ප්‍රකාශ සිදුකිරීම වසර 15 දක්වා සිරදඩුවම් ලැබිය හැකි වරදකි.

Rate this item
(1 Vote)