April 24, 2024

මෙක්සිකෝ තාප්පය ඉදිකිරීම ට්‍රම්ප් තාවකාලිකව අත්හිටුවයි

මැතිවරණ පොරොන්දුවකට අනුව මෙක්සිකෝ දේශසීමාව හරහා පවුරක් ඉදිකිරීමේ සැලැස්මට මුදල් වෙන් කිරීම ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තාවකාලිකව අත්හිටුවා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 

අදාළ මුදල වෙන් කිරීම සම්බන්ධයෙන් මතුව ඇති අර්බුදයක් හේතුවෙන් එම තීරණය ගෙන ඇතැයි වාර්තා වේ. 

මෙක්සිකෝ දේශසීමාව හරහා පවුරක් ඉදිකිරීමට මුදල් වෙන් කිරීම සම්බන්ධයෙන් ඩිමොක්‍රටික් පක්ෂය සිය විරෝධය පළ කරන අතර ඔවුන් පවසන්නේ එසේ මුදල් වෙන් කිරීමක් සිදුකළහොත් එය නවතා දැමීමට කටයුතු කරන බවයි. 

කෙසේ වෙතත්, තමන් ලබාදුන් පොරොන්දුවට අනුව තවමත් මෙම පවුර ඉදිකිරීම සම්බන්ධයෙන් ප්‍රමුඛතාවයක් පවතින අතර එය මේ වසර අවසානයේදී යළි සලකා බලන බව ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර ඇත.

Rate this item
(0 votes)