April 24, 2024

ඇමරිකානු යුධ නෞකාව මුහුදුබත් කිරීමට සූදානම් - උතුරු කොරියාව

කොරියානු අර්ධද්වීපය බලා යාත්‍රා කරමින් තිබෙන ඇමරිකානු ප්‍රහාරක ගුවන් යානා ප්‍රවාහන නෞකාව මුහුදුබත් කිරීමට උතුරු කොරියාව සූදානම් බව එරට රාජ්‍ය මාධ්‍ය වාර්තා කරයි.

උතුරු කොරියාව 'නෝඩෝන්ග් ෂින්මුන්' පුවත්පත ඔස්සේ අනතුරු හඟවා තිබුණේ USS කාල් වින්සන් නෞකාව එක් ප්‍රහාරයකින් මුහුදුබත් කළ හැකි බවය.

වින්සන් නෞකාව ප්‍රමුඛ ප්‍රහාරක කණ්ඩායමක් කොරියානු අර්ධද්වීපයට නුදුරු මුහුදු කලාපය වෙත මේ සතියේ ළඟා වනු ඇති බව අපේක්ෂා කෙරෙයි.

ප්යොංයැං මිසයිල වැඩසටහන සම්බන්ධයෙන් ඇමරිකාව සතු මූලෝපායික ඉවසීම අවසානයක් කරා පැමිණ ඇති බවට සිදු කළ අනතුරු හැඟවීම් මධ්‍යයේ එම කලාපයට USS කාල් වින්සන් නෞකාව යෙදෙවීමට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කටයුතු කළේය.

උතුරු කොරියාව විසින් මෑතක සිදු කළ අසාර්ථක මිසයිල අත්හදා බැලීම සහ නවතම ප්‍රහාරක අවි ප්‍රදර්ශනය කරමින් ප්යොංයැං නුවර පැවති හමුදා සංදර්ශනයත් සමග එම කලාපයේ දේශපාලන උණුසුම ඉහළ යමින් පවතී.

වින්සන් නෞකාව ප්‍රමුඛ ප්‍රහාරක නෞකා කණ්ඩායම ජපාන නාවික හමුදාව සමග ඊයේ (23) පිලිපීන මුහුදේ දී ඒකාබද්ධ යුද සරඹයක නිරත විය.

(බීබීසි)

Rate this item
(0 votes)