April 25, 2024

චීනයට එරෙහිව තායිවානය පළමුවරට සබ්මැරීන් නිපදවයි

චීනයෙන් ආරක්ෂාවීම සඳහා සබ්මැරීන් අටක් නිර්මාණය කිරීමේ අභිප්‍රායක් ඇති බව තායිවානය සඳහන් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

තායිවානය සබ්මැරීන් යාත්‍රා නිපදවීම සඳහා යොමු වූ පළමු අවස්ථාව මෙය වන බව වාර්තා වේ.

අවි ගනුදෙනු අතින් තායිවානය අමෙරිකා එක්සත් ජනපදය මත යැපෙන ස්ථාවරයක පසු වූ අතර චීනයෙන් මතු වූ විරෝධය හමුවේ එම ගනුදෙනුවල අඩුවීමක් පසුගිය කාලයේ දක්නට ලැබුණි.

බේජිං පාලනයේ අවශ්‍යතාව වන්නේ තායිවානය චීනයේ කොටසක් වශයෙන් යළි ඊට එක්කර ගැනීමයි.

තායිවානය සතුව දැනටත් සබ්මැරීන් යාත්‍රා හතරක් ඇති අතර ඒවා ඉතාම පැරණි ඒවා වෙයි. එම යාත්‍රා හතරෙන් දෙකක් අමෙරිකා එක්සත් ජනපදයෙන් ද ඉතිරි දෙක නෙදර්ලන්තයෙන් ද මිළ දී ගෙන ඇත.

ඉන් අමෙරිකාවෙන් මිළට ගෙන ඇති යාත්‍රා දෙක දෙවන ලෝක මහා සංග්‍රාමය අවධියේ නිෂ්පාදනය කරන ලද ඒවා බව වාර්තා වේ.

 

(බීබීසි)

 

Rate this item
(0 votes)