April 25, 2024

හිටපු ජනපතිනිය බන්ධනාගාරයට

බලයෙන් පහ කෙරුනු දකුණු කොරියාවේ හිටපු ජනාධිපතිනි පාර්ක් ග්වෙන් හයි අත්අඩංගුවට ගෙන තිබේ.

ඇයට එල්ලවී ඇති දුෂණ චෝදනා කිහිපයකට අදාළව මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති අතර මෙම අත්අඩංගුවට ගැනීම පිළිබඳ අධිකරණය දැනුවත් කිරීමෙන් අනතුරුව ඇය රැඳවුම් මධ්‍යස්ථානයකට රැගෙන ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඇය දුෂණය සහ බලය අයුතු ලෙස යොදා ගැනීමේ චෝදනාව මත පසුගියදා දෝෂාභියෝගයකට ලක්කරනු ලැබීය. 

අල්ලස, අධිකාරි බලය, අයුතු ලෙස යොදා ගැනීම, බලහත්කාරකම් සහ රජයේ රහස් හෙළිදරව් කිරීම යන චෝදනා පිළිබදව පැවති දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව බලයෙන් පහ කෙරුණු දකුණු කොරියාවේ හිටපු ජනපතිනිය අත්අඩංගුවට ගැනීම සදහා එරට අධිකරණය ඊයේ(30) දිනයේදී නියෝගයක් නිකුත් කළේය. 

හිටපු ජනපතිනියට එරෙහිව එල්ල වී ඇති චෝදනාවල සාක්ෂි විනාශ කිරීමේ අවදානමක් පවතින බැවින් ඇය අත්අඩංගුවට ගැනීම අත්‍යාවශ්‍ය බව අධිකරණයේ තීන්දුව වී තිබේ.

පාර්ක් ගුවෙන් හයි බලයෙන් පහ කිරීම නිසා දකුණු කොරියාවේ මීළග නායකයා තෝරා ගැනීමේ ජනපතිවරණය ලබන මැයි 9 වනදා පැවැත්වීමට නියමිතයි.

Rate this item
(0 votes)