April 20, 2024

ගුරුවරු පා ගමනින් ජනපති මැඳුරට

ආර්ජන්ටිනාවේ ගුරුවරුන් දහස් ගණනක් අරඹා ඇති දෙසතියක වැඩවර්ජනයේ තවත් පියවරක් ලෙස දැවැන්ත උද්ඝෝෂණ පාගමනක් ආරම්භ කර ඇත.

බුවනෝස් අයර්ස් අගනුවරදී මෙම උද්ඝෝෂණය පාගමන සිදුකොට තිබේ.

උද්ඝෝෂකයන් අගනුවර ප්‍රධාන මාර්ග කිහිපයක් අවහිර කරමින් පැමිණ ආර්ජන්ටිනාහි ජනාධිපති මන්දිරය ඉදිරිපිටට පැමිණ උද්ඝෝෂණයේ යෙදී ඇත.

මාර්තු මස 6 වැනිදා ආරම්භ කරන ලද වැඩවර්ජනය හේතුවෙන් එරට පාසල් ළමයින් දැඩි අපහසුතාවකට පත්ව ඇතැයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි.

ආර්ජන්ටිනා ගුරුවරු වැටුප් වැඩිවීමක් ඉල්ලමින් වැඩවර්ජනයේ යෙදී සිටින අතර එරට උද්ධමනයට සාපේක්ෂව සියයට තිස්පහක වැටුප් වැඩිවීමක් ඉල්ලා සිටිති.

Rate this item
(0 votes)