March 28, 2024

ලෝකයේ සතුටින්ම සහ දුකින්ම සිටින රටවල් මෙන්න

ලොව වඩාත්ම ප්‍රීතිමත් ජනතාව සිටින රට නෝර්වේ රාජ්‍යය බව එක්සත් ජාතීන්ගේ වාර්තාවකින් හෙළිවී ඇත.සතුටින් සිටින රටවල් ලයිස්තුවේ පහළින්ම සිටින රටවන්නේ මධ්‍යම අප්‍රිකානු ජනරජයයි.

එම නම් ලැයිස්තුවේ වැඩි කොටසක් අත්පත්කරගෙන ඇත්තේ යුරෝපා සහ උතුරු ඇමරිකානු රටවල් වන අතර ඇමරිකාව 14 වෙනි ස්ථානයටත්, බ්‍රිතාන්‍යය 19 වෙනි ස්ථානයටත් පත්ව ඇත.

අප්‍රිකානු උප සහරාවට අයත් වූ සහ ගැටුම් පවතින රටවල් සතුටින් සිටින රටවල් ලයිස්තුවේ පහළින් සිටින අතර ඒ අනුව රටවල් 155ක සංඛ්‍යාවකින් සිරියාව 152 වෙනි ස්ථානයේ සිටින අතර යේමනය සහ දකුණු සුඩානය පිළිවෙලින් 146 සහ 147 වෙනි ස්ථාන දක්වා පහළ බැස තිබේ.

මෙම ලෝක සතුටු දර්ශකය නිකුත් කිරීම මාර්තු 20 වෙනිදාට නියමිත සතුට පිළිබඳ එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර දිනයට සමගාමීව නිකුත්කර ඇත.

ලෝකයේ වැඩිම ප්‍රීතිමත් - සහ අඩුම ප්‍රීතිමත් ජනතාව වෙසෙන රටවල්

වැඩිම ප්‍රීතිමත්අඩුම ප්‍රීතිමත්

1. නෝර්වේ146. යේමනය

2. ඩෙන්මාර්කය147. දකුණු සුඩානය

3. අයිස්ලන්තය148. ලයිබීරියාව

4. ස්විස්ටර්ලන්තය149. ගිනීයාව

5. පින්ලන්තය150. ටෝගෝ

6. නෙදර්ලන්තය151. රුවන්ඩාව

7. කැනඩාව152. සිරියාව

8. නිව්සීලන්තය153. ටැන්සානියාව

9. ඔස්ට්‍රේලියාව154. බුරුන්ඩි

10. ස්වීඩනය155. මධ්‍යම අප්‍රිකා ජනරජය

සෑම රටකින්ම පුද්ගලයන් දහස බැගින් ලොව පුරා රටවල් 150 කට අයත් ජනතාවගෙන් අසන ලද ප්‍රශ්න වලට දුන් පිළිතුරු මත පදනම් වී වසරකට වරක් මෙම සතුටු දර්ශකය සකස් කෙරේ.

නෝර්වේ රාජ්‍යය එම ස්ථානයට ළඟා වුයේ මෙතෙක් එම තත්වය හිමිකරගෙන සිටි ඩෙන්මාර්කය අභිබවා යමිනි.

අදාළ වාර්තාව මගින් ජනතා ශුභසාධනය, ඔවුන් කොතරම් දුරට සතුටින් සිටීද යන්න සහ එසේ වන්නේ ඇයිද යන කරුණු විමසා බලා ඇත.

ඩෙන්මාර්කය, අයිස්ලන්තය, ස්විට්සර්ලන්තය සහ පින්ලන්තය මුල් රටවල් පහ අතරට පැමිණි අනෙක් රටවල්වේ.

Rate this item
(1 Vote)
Last modified on Tuesday, 21 March 2017 09:16