April 19, 2024

ට්‍රම්ප්ගේ වැටුප පිනට දෙයි - එක් ඩොලරයක් පමණක් ලබාගනී

ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් වෙත සිය ජනපති ධුරය වෙනුවෙන් හිමිවන වැටුප වර්ෂ අවසානයේදී පුණ්‍ය ආයතනයකට පරිත්‍යාග කිරීමට සූදානමින් සිටියි.

ඒ අනුව, ඔහුගේ වර්ෂික වැටුප වන ඇ.ඩො.ලක්ෂ 4ක් වසර අවසානයේදී පුණ්‍ය ආයතනයක් වෙත පරිත්‍යාග කිරීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.

ට්‍රම්ප් සිය මැතිවරණ ව්‍යාපාරය සමයේදී මේ බව කියා සිටියේ තමන් ජනාධිපති ධුරයට පත්වුවහොත් තම රාජකාරිය වෙනුවෙන් වේතනයක් නොලබන බවයි.

කෙසේ වෙතත්, එරට ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරයා අනිවාර්යයෙන් ලබාගත යුතු අවම වැටුප වන එක් ඩොලරයක් පමණක් ලබාගන්නා බවද හෙතෙම පවසා තිබුණි.

Rate this item
(0 votes)