April 25, 2024

උතුරු කොරියාව හොර රහසේ මිසයිලයක් අත්හදා බලයි

උතුරු කොරියාව හොර රහසේ ම හඳුනානොගත් මිසයිලයක් අත්හදා බලා ඇතැයි දකුණු කොරියාව පවසයි.

දකුණු කොරියානු බලධාරීන් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ, චීන දේශසීමාවට ආසන්නයේ පිහිටි මිසයිලය ටොන්ග්ජෑන්- රි කලාපයේදී මෙම මිසයිල අත්හදාබැලීම සිදු කර ඇති බව ය.

එලෙස අත්හදාබැලූ මිසයිලය පතිත වී ඇත්තේ, ජපාන මුහුදටයි.දකුණු කොරියානු යුද හමුදා නිලධාරියෙකු පවසන්නේ, එරට වේලාවෙන් උදෑසන 07:36 මෙම අත්හදාබැලීම සිදු කර ඇති බව ය.

මේ අතර මේ සඳහා භාවිත කළ ප්‍රක්ෂේපණ වර්ය කුමක ද යන්න නිගමනය කර ගැනීම සඳහා විමර්ශන ක්‍රියාත්මක බව ද දකුණු කොරියාව පවසයි.කෙසේ වෙතත් මෙම මිසයිල අත්හදා බැලීම සම්බන්ධයෙන් උතුරු කොරියාව මේ වන තෙක් කිසිදු නිල ප්‍රකාශයක් සිදු කර නොමැත.

පසුගිය මාසයේදී උතුරු කොරියාව එරට නායක කිම් ජොන් අන්ගේ අධීක්ෂණය යටතේ නව ආකාරයේ බැලස්ටික් මිසයිලයක් ඉතා සාර්ථකව අත්හදා බැලී ය.කෙසේ වෙතත් උතුරු කොරියාව මෙම සියලු අත්හදා ලැබීම් හෝ න්‍යෂ්ටික තාක්ෂණික අත්හදාබැලීම් සිදු කරන්නේ, එක්සත් ජාතීන්ගේ පනවා ඇති තහංචි ද නොතකමිනි.

පසුගිය මාසයේ උතුරු කොරියාව සිදු කළ එම අත්අහදාබැලීම එක්සත් ජාතීන්ගේ සංවිධානය, අමෙරිකාව මෙන්ම දකුණු කොරියාව ද දැඩි ලෙස හෙළා දැක තිබිණ.

මෑතක සිට උතුරු කොරියාවේ න්‍යෂ්ටික අත්හදාබැලීම් සිදු කෙරෙන ටොන්ග්චැන්ග් – රි පළාතේ පිහිටි සොහෙයි චන්ද්‍රිකා අත්අහදා බැලීමේ මධ්‍යස්ථානය ජපානයේ ද සැලකිල්ලට ලක් ව තිබේ.

මේ අතර දකුණු කොරියාව පවසන්නේ, චන්ද්‍රිකා නිරීක්ෂණය කිරීම වැළැක්වීම සඳහා උතුරු කොරියාවේ එම ප්‍රදේශයේ ආවරණය කර ඇති බව ය.කෙසේ වෙතත් උතුරු කොරියාව දිගින් දිගටම පැවසුවේ, සිය අභ්‍යවකාශ වැඩසටහන ඉතා සාමකාමී බව ය.

කෙසේ වෙතත් අමෙරිකාව දක්වා ප්‍රහාර එල්ල කළ හැකි ආකරයේ අන්තර් මහාද්වීපික බැලස්ටික් මිසයිලයක් නිපදවීම දක්වා සිය න්‍යෂ්ටික වැඩසටහන දියුණු කරන බව ඔවුන් අවධාරණය කර සිටී

Rate this item
(0 votes)