March 29, 2024

ගංජා වගාවට අනුමැතිය

February 22, 2017

ගංජා වගා කිරීම සඳහා අවසර ලබාදීමේ යෝජනාවක් නෙදර්ලන්තයේ පාර්ලිමේන්තුව අනුමත කරයි.

මේ අනුව, ගංජා සඳහා නෙදර්ලන්තය දීර්ඝ කාලයක් තිස්සේ දැක්වූ ලිහිල් ප්‍රතිපත්තියට නීතිමය පසුබිමක් ගොඩනැගෙනු ඇත.

නෙදර්ලන්තයේ නීති සංග්‍රහයට අනුව ගංජා තහනම් මත්ද්‍රව්‍යයක් වන නමුත් එරට අවන්හල් තුළ ගංජා අලෙවිය ප්‍රසිද්ධියේ සිදුවෙයි.

නෙදර්ලන්ත පොලිසිය ඔවුනට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොකරයි.

ගංජා වගා කිරීම සඳහා පාර්ලිමේන්තුව අනුමතකළ යෝජනාව සෙනෙට් සභාවෙන්ද අනුමැතිය ලදහොත් ඒවා අළෙවි කරන අවන්හල් සඳහා නීත්‍යනුකූල සැපයුම්කරුවන් ද බිහිවනු ඇත.

එමගින් 'ගංජා කර්මාන්තය' නෙදර්ලන්තයේ ප්‍රධාන ආර්ථික ප්‍රවාහයට එක්වනු ඇත.

Rate this item
(0 votes)