March 29, 2024

ජේම්ස් රෙබර්න් ජීවන රංගනය නිමා කරයි 

හෝම්ලෑන්ඩ් නමැති ටෙලි නාට්‍ය මාලාවෙන් ප්‍රසිද්ධියට පත් අමෙරිකාවේ ප්‍රසිද්ධ නළුවෙක්වන ජේම්ස් රෙබර්න් මරණයට පත් ව තිබේ.

65 හැවිරිදි ඔහු පිළිකා රෝගයකින් බොහෝ කාලයක් පීඩා විඳ ඇත.

“සෙන්ට් ඔෆ් අ වුමන්“ නම් වූ චිත්‍ර පටය මගින් ඔහුට බොහෝ  ප්‍රසිද්ධියක් ලැබී තිබේ.

සවුත් ඔරේන්ජ්, නිව්ජර්සි පටුමගේ පදිංචි ව සිටි ජේම්ස් සමේ ඇති වූ පිළිකාවක් හේතුවෙන් සිය නිවසේ දී මරණයට පත් ව ඇත.

“ගුඩ් වයිට්“, “තර්ටි රොක්“ යන ටෙලි නාට්‍යවල ද “මයි කසින් විනී“, “කාලිටෝර්ස් වේ“ , “බේසික් ඉන්ස්ටින්ට්“ යන චිත්‍රපටවල ද ඔහුට පිළිකා රෝගය වැළඳී තිබිය දීත් රඟපා ඇතැයි වාර්තා වේ.

Rate this item
(0 votes)