April 20, 2024

ජනපතිගේ සහෝදරයෙකු වස දී ඝාතනය කෙරේ - රජය ගැන සැකයක්

February 15, 2017

උතුරු කොරියා ජනාධිපති කිම් ජෝන් අන්ගේ ඥාති සහෝදරයකු මැලේසියාවේදී ඝාතනය කර තිබේ.

කිම් ජෝන් නෑම් යන නාමයෙන් හඳුන්වන මෙම සොහොයුරා උතුරු කොරියා ජනාධිපතිවරයාගේ වැඩිමහල් ඥාති සහෝදරයෙක් බව ද වාර්තා වෙයි.

ඔහු බොහෝ කාලයක් රටින් බැහැරව ජීවත්වී ඇති අතර ජනාධිපතිවරයාගේ මෙන්ම පවුලේ කටයුතු දැඩිව විවේචනය කල අයෙකි.

වයස අවුරුදු 40ක් පමණ වන කිම් ජෝන් නෑම් මැලේසියාවේදී ඝාතනයට ලක්වී ඇත්තේ ක්වාලාලාම්පුර් නුවර ගුවන්තොටුපලේ සිටියදීයි.

ඔහුට ගුවන්තොටුපලේදී කාන්තාවන් දෙදෙනෙකු විසින් විෂ සහිත පානයක් ලබාදී ඇතැයි මුලික විමර්ශණවලදී හෙළිවී ඇත.

කෙසේවෙතත් මෙම ඝාතනය පිළිබඳ හෝ දකුණු කොරියාව හෙළිකල කරුණු පිළිබඳ උතුරු කොරියාව මෙතෙක් කිසිදු ප්‍රතිචාරයක් දක්වා නොමැත.

Rate this item
(1 Vote)
Last modified on Wednesday, 15 February 2017 10:05