April 25, 2024

මහ ඇමති සිහිනය බොඳකරමින් චින්නම්මා හිරේ

February 14, 2017

ඒ.අයි.ඒ.ඩි.එම්.කේ. පක්ෂයේ නායිකා වී.කේ. ශෂිකලා හෙවත් චින්නම්මා නීති විරෝධි අයුරින් වත්කම් උපයාගෙන ඇති බවට වසර 18ක් තිස්සේ විභාග වූ නඩුවකින් වරදකරු බවට පත්ව තිබේ. 

ඉන්දියාවේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නඩුවට අදාළ තීන්දුව අද ප්‍රකාශයට පත් කළ අතර ඒ අනුව ඇයට වසර 4ක් සිර දඬුවමක් හා ඉන්දිය රුපියල් කෝටි 10ක දඩයක් පැනවීය. 

තමිල්නාඩු හිටපු මහ ඇමතිනී ජයලලිතා ජයරාම් මහත්මියගේ ඥාතී දියණියක වන ශෂිකලා , ජයලලිතාගේ මරණයෙන් පසුව තමිල්නාඩු මහ ඇමතිනිය බවට පත්විමටද සිහන මැව්වාය. 

නඩු තින්දුව ප්‍රකාශයට පත්කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය පැවැසුවේ ශෂිකලා ඉතාමත් ඉක්මනින් අධිකරණයට බාර විය යුතු බවයි. 

නඩු තීන්දුවත් සමගින් ශෂිකලාට වසර 10ක් දේශපාලනය තහනම් වෙනු ඇත. 

 
Rate this item
(1 Vote)
Last modified on Tuesday, 14 February 2017 12:12