April 20, 2024

අමෙරිකාව මිනීමරු රාජ්‍යක් බව ට්‍රම්ප් පිළිගනී (VIDEO)

February 07, 2017

අමෙරිකාව අහිංසක රටක් නොවන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

රූපවාහිනී සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ අදහස් පළ කළේය.

එම සාකච්ඡාව අතරතුර වැඩසටහන මෙහෙයවන නිවේදකයා රුසියානු ජනාධිපතිවන ව්ලැඩිමීර් පුටින් සමග අමෙරිකාව කටයුතු කරන ආකාරය පිළිබඳ ප්‍රශ්න කරමින් අසා සිටියේ "ඔබ ව්ලැඩිමීර් පුටින් හට ගරු කරන්නේ ඇයි ? යනුවෙනි.

එම පැනයට පිළිතුරු දෙමින් අැමෙරිකානු ජනාධිපතිවරයා කියා සිටියේ 

"මම ඔහුට ගරු කරනවා, ඒවගේම මම ගොඩක් අය ගරු කරනවා, ඔහු ත්‍රස්තවාදයට එරෙහිව සටන් කරනවා එය හොද දෙයක්. ඒත් මම කියන්නේ නෑ ඔහුගේ හැමදේමත් සමඟ එකඟයි කියලා" යනුවෙන් පැවසීය.

එම පිළිතුරෙන් සෑහීමකට පත් නොවූ නිවේදකයා යළිත් ජනාධිපතිවරයාගෙන් ප්‍රශ්න කළේ "එත් පුටින් කියන්නේ මිනීමරුවෙක්" යැයි පමසමිනි.

එහිදී ට්‍රම්ප් ඔහුට අදහස් දැක්වූයේ ඔබ "මිනීමරුවන් බොහෝ පිරිසක් ඉන්නවා අප රටෙත් මිනීමරුවන් බොහෝ පිරිසක් ඉන්නවා. ඔබ හිතනවද අපේ රට අහිංසක රටක් කියලා" යැයි පැවසීය.

එම සාකච්ඡාව ඇතුළත් වීඩියෝව පහතින් නරඹන්න.

 

Rate this item
(0 votes)
Last modified on Tuesday, 07 February 2017 10:33