April 20, 2024

හෙට අනිද්දා මහ ඇමති ලෙස චින්නම්මා දිවුරුම් දෙයි

February 06, 2017

හෙට හෝ ලබන 9 වනදා තමිල්නාඩු නව මහ ඇමතිනිය ලෙස ජයලලිතාගේ සමීපතම හිතවතිය වන ශෂිකලා නටරාජන් හෙවත් චින්නම්මා දිවුරුම් දීමට නියමිතයි. 

ඇය මහ ඇමති ධුරයට පත් කිරීමට ඒ.අයි.ඒ.ඩී.එම්.කේ පක්ෂය ඊයේ(05) තීරණය කර තිබේ. 

එමෙන්ම ශෂිකලා නටරාජන් හට මහ ඇමති ධුරය ලබාදීම සඳහා වත්මන් මහ ඇමති  ඕ පන්නීර් සෙල්වම් ද සිය තනතුරෙන් ද ඊයේ දිනයේ ඉවත්වූ බවත් ඉන්දිය මාධ්‍ය වාර්තා කළේය. 

61 හැවිරිදි ශෂිකලා නටරාජන් හෙවත් චින්නම්මා තමිල්නාඩුවේ 12 වන මහ ඇමතිවරයා වන අතර එම තනතුරට පත්වූ තමිල්නාඩුවේ තුන්වන කාන්තාව වන්නේද ඇයයි. 

මේ අතර චින්නම්මා මහ ඇමති ධුරයට පත් කිරීමට තමිල්නාඩු විපක්ෂ නායක එම්.කේ. ස්ටාලින් විරෝධය පළ කර ඇති බවද වාර්තා වෙයි.

Rate this item
(0 votes)