April 24, 2024

ට්‍රම්ප් පාලනයේ ඉල්ලීම අධිකරණය ඉවත දමයි

February 05, 2017

ජනාධිපති ට්‍රම්ප්ගේ විධායක නියෝගය යළි ස්ථාපිත කිරීමට සහ රජයේ සරණාගත වැඩසටහන නැවත සලකාබලන තුරු නවතා දැමීමට ඇමරිකානු අධිකරණ දෙපාර්තමේන්තුව කළ ඉල්ලීම අභියාචනාධිකරණය විසින් ප්‍රතික්‍ෂේප කරනු ලැබ ඇත.

මෙයට ප්‍රතිචාර දක්වන ජනාධිපතිවරයා වැඩි වශයෙන් මුස්ලිම් ජනතාව ජීවත්වන රටවල් හතක සංචාරකයන් සඳහා තමා පැනවූ වීසා තහනම් නියෝගයට බාධා පැනවීම සඳහා ෆෙඩරල් අධිකරණ විනිසුරුවරයෙකු දුන් තීන්දුව ඇමරිකා එක්සත් ජනපදය 'ත්‍රස්තවාදීන් වියහැකි' පුද්ගලයන් සඳහා විවෘතවීමට හේතුවක් වන බව පවසයි.

ට්විටර් පණිවුඩ මාලාවක් මුදාහරිමින් අධිකරණ විනිසුරුවරයාගේ තීන්දුව විවේචනයට ලක් කරන ජනාධිපති ට්‍රම්ප් සඳහන් කර ඇත්තේ ඒ මගින් 'භයානක පිරිස්'ඇමරිකාවට ඇතුල්වීම සිදුවනු ඇති බවය.

කෙසේවුවද, ප්‍රධානපෙළේ ගුවන් සමාගම් ඉහතකී රටවල මගීන්ට ඇමරිකාවට පැමිණීම සඳහා තම ගුවන්සේවා භාවිතා කිරීමට අවසර ලබා දීම ආරම්භ කර ඇත.

මේ පුවත යවන්න මිතුරන්ට

Rate this item
(0 votes)