March 29, 2024

ට්‍රම්ප්ගේ පළමු මෙහෙයුමෙන් සිවිල් වැසියන් 23ක් මරුට

February 03, 2017

යේමනයේ අල්කයිඩා සංවිධානය යටතේ පාලනය වන ප්‍රදේශයක ඇමෙරිකාව එල්ල කළ ප්‍රහාරයකින් සිවිල් වැසියෝ 23 දෙනෙකු ජීවිතක්ෂයට පත්වෙති.

මෙම ගුවන් ප්‍රහාරයෙන් මියගිය අය අතර දරුවන් දස දෙනෙකු හා ගැබිණි මවක ද සිටි බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

අල්කයිඩා ත්‍රස්ත සංවිධානයේ සාමාජිකයන් 14 දෙනෙකු සහ ඇමෙරිකා සෙබලෙකු ද මෙහිදී මියගොස් ඇත.

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තම ධුරයේ රාජකාරී ආරම්භ කිරීමෙන් පසු අණදුන් ප්‍රථම හමුදා මෙහෙයුම මෙයයි. 

 

ධවල මන්දිර ප්‍රකාශක ෂෝන් ස්පයිසර් මාධ්‍යයට අදහස් දක්වමින් කියා සිටියේ අනාගතයේ වඩාත් දරුණු ලෙස සිදුවිය හැකි ජීවිත හා දේපල හානි රැසක් වළක්වා ගැනීමේ අරමුණින් ප්‍රහාරය සිදුකළ බවයි.

 
Rate this item
(0 votes)