April 24, 2024

ලේසර් අවි සන්නද්ධ MIG-35 රැසියාවෙන් ගුවන කරා

February 01, 2017

රුසියාවේ නවතම සැහැල්ලු ප්‍රහාරය යානාව වන MIG-35 හමුදා යානය සිය පරීක්ෂණ පියාසරිය සාර්ථකව සිදුකර තිබේ.

රුසියානු ගුවන් හමුදාවේ මීට පෙර පරම්පරාවේ මිග් යානා ඉවත් කරමින්, නුදුරු අනාගතයේදීම එරට ගුවන් හමුදාව සමග එකතු වන මෙම යානය ලේසර් අවිවලින් සන්නද්ධ බව වාර්තා වෙයි.

රුසියාවේ මිකොයාන් එයාර්ක්‍රාෆ්ට් කෝපරේෂන් (මිග්) විසින් නිෂ්පාදනය කරන මෙම යානයට පැයට කිලෝමීටර් 2,700ක වේගයකින් පියාසර කළ හැකි අතර, එය අඩි 57,400ක් තරම් උසකින් පියාසර කිරීමේ හැකියාවක් ඇත.

එමෙන්ම, මෙම යානයේ ප්‍රහාරක වපසරිය කිලෝ මීටර් 1,000ක අරයකින් යුතු ප්‍රදේශයක් වන අතර, මෙය පෙර පරම්පරාවේ යානය මෙන් දෙගුණයක ක්‍රියාකාරීත්වයකින් යුතු ප්‍රහාරයක යානයක් බවද එම සමාගම වැඩිදුරටත් පවසයි.

මේ අතර, නවතම ප්‍රහාරක යානයේ දෙවැනි නියමු ආසනය වෙනුවට අමතර ඉන්ධන ටැංකියක් සඳහා ඉඩ වෙන්කිරීමේ හැකියාවද පැවතීම තවත් විශේෂත්වකි.

 

Rate this item
(0 votes)