April 19, 2024

උතුරු කොරියාවෙන් දකුණු කොරියාවට සංඥාවක් 

උතුරු කොරියාව විසින් නව කෙටිදුර රොකට් 16 ක් පැය 24ක් තුළ මුහුදට එල්ල කළ බව දකුණු කොරියාව පවසා ඇතැයි බී.බී.සි ප්‍රවෘත්ති සේවය පවසයි.

කොරියානු වේලාවෙන් අද (23) අලුයම 1 සිට 2.30 දක්වා උතුරු කොරියාවේ නැගෙනහිර වෙරළෙන් මෙම රොකට් යොමුකර ඇති බව වාර්තාවෙයි.

අමෙරිකාව සහ දකුණු කොරියාව අතර පැවැත්වෙන ඒකාබද්ධ යුධ අභ්‍යාසයට විරෝධය පළ කිරීමට උතුරු කොරියාව මෙම රොකට් අත්හදා බැලීම්වල එක් අරමුණක් බව ආරක්ෂ අංශ සඳහන් කර සිටී.

රුසියානු රොකට් අනුසාරයෙන් නිපදවා ඇති මෙම නව රොකට් විශේෂය කිලෝමීටර් 60 ක් දුරට එල්ල කළ හැකි අතර උතුරු කොරියාව විසින් මෙම මාසය තුළ අත්හදා බැලූ රොකට් සංඛ්‍යාව 70 කට අධික බව වාර්තා වේ. 

 

Rate this item
(0 votes)