April 25, 2024

කොර්යෝලේ නගරය සෝමාලියාව යටතට 

පසුගිය වසර පහක කාලයක් ඉස්ලාමීය අල් ශබාබ් කණ්ඩායමේ පාලනයට යටතේ පැවති සෝමාලියාවේ කොර්යෝලේ නගරය සෝමාලි රජයේ හමුදාව සහ අප්‍රිකානු සංගමයේ හමුදාව විසින් අත්පත් කරගෙන තිබේ.

එම නගරය තුළ පැවති දරුණු සටන් ක්‍රමයෙන් අඩු වී ගොස් පිටතින් ඇති ආසන්න ප්‍රදේශවලට පැතිරී ගොස් ඇතැයි බී.බී.සී ප්‍රවෘත්ති සේවය වාර්තා කරයි.

අප්‍රිකානු සංගමයට අයත් උගන්ඩා හමුදාවන්ට යුද ටැංකි සහ නියමුවන් රහිත ගුවන් යානා මගින් සහය ලැබී ඇති බව වාර්තා වෙයි.

බොහෝ සාමාන්‍ය වැසියන් කොර්යෝලේ නගරය අතහැර ඊට කිලෝමීටර 90ක් නිරිත දිගින් ඇති මොගඩිෂු අග නගරය වෙත පලාගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Rate this item
(0 votes)