April 19, 2024

ක්‍රිමියාවේ යුද කඳවුරකට රුසියාව රිංගයි

රුසියාවේ හමුදා සන්නද්ධ රථ යොදා ගනිමින් ක්‍රිමියාවේ සෙවෙස්තපෝල් නගරය අසල පිහිටි යුද හමුදා කඳවුරක තාප්ප පෙරලා දමා ඊට ඇතුල් වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

නමුත් එම කඳවුරේ සිටි යුක්රේනියානු හමුදා රුසියාවට යටත් වීම ප්‍රතික්ෂේප කරන ලද බවත් ප්‍රකාශ කර ඇතැයි බීබීසි ප්‍රවෘත්ති සේවය සඳහන් කළේ ය.

‘බෙල්බෙක්’නම් යුද කඳවුරේ තාප්ප කඩා බිඳ හෙළමින් රුසියානු හමුදා ඊට ඇතුල් වෙද්දී වෙඩි හඬ ඇසුන බවත් ක්‍රිමියානු වාර්තාවන්හි දැක්වෙන බව එම මාධ්‍ය වාර්තා පවසයි.

රුසියානු හමුදා තමන්ට පහර දුන්නොත් අහසට වෙඩි තබන මෙන් යුක්රේනියානු අණදෙන නිලධාරියා සිය සොල්දාදුවන්ට නියෝග කර ඇති බව වාර්තා වෙයි.

Rate this item
(1 Vote)
Last modified on Sunday, 23 March 2014 11:01