April 20, 2024

අමෙරිකාවේ මළ මිනියක් පෙට්ටිය වෙනුවට පුටුවක තබයි

සාම්ප්‍රදායිකව පෙට්ටියක නොතබා මියගිය පසු මේසයක වාඩිකොට තැබු මිනියක් පිළිබඳව අමෙරිකාවේ නිව් ඔලර්න්ස් ප්‍රාන්තයෙන් වාර්තා වේ.

මිරියාම් බුර්බන්ක් නම් 53 හැවිරිදි වියේ පසුවූ මෙම කාන්තාව මියගොස් ඇත්තේ පිලිකාවක් හේතුවෙනි. 

ඇයගේ අවසන් කැමැත්ත වී ඇත්තේ තමන් මිය ගිය දිනක මිනී පෙට්ටියක නොතබා තම සිරුරට හොද ඇදුමක් අන්දවා මත්පැන් බොතල් කිහිපයක් තැබු මේසයක තමන්ව හිදුවා තබන ලෙසය. 

මේ අනුව ඇය මියගිය පසුව ඇයගේ අවසන් ඉල්ලීම ඉටු කළ ඇගේ දියණිය ඇතුළු ඥාතින් ඇය වැඩියෙන්ම කැමති ඇදුම අන්දවා,මේසය මත ඇය කැමතිම මත්පැන් වර්ගය තබා ඉන් මදක් වීදුරුවකට දමා සිගරට්ටුවක් ද දී පුටුවේ හිඳුවා ඇත.

 

Rate this item
(0 votes)
Last modified on Wednesday, 18 June 2014 13:34