April 25, 2024

MH370 යානය ඉන්දියන් සාගරයේ ඔස්ට්‍රේලියාව ආසන්න මුහුදට?

අතුරුදන් වූ MH370 යානය කඩා වැටුණු ස්ථානය පිළිබඳ දැඩි විශ්වාසයක් පවතින බව ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන ඉන්මාසැට් (Inmarsat) ආයතනය ප්‍රකාශ කරයි.

ඉන්දියන් සාගරයේ ඔස්ට්‍රේලියාව ආසන්න මුහුදු කලාපයේ එම යානය කඩා වැටුණු බවට දැඩි ලෙස විශ්වාස කරන බව එම සමාගම බීබීසී පුවත් සේවයට පවසා ඇත. 

මේ වනවිට සිදු කර ඇති පරීක්ෂණවලට අනුව එම ස්ථානය තහවුරුවනු ඇතැයි එම සමාගමේ විශ්වාසය යි.

කෙසේ වුව ද යානයේ සුන්බුන් සෙවීමේ කටයුතු මේ වනවිට අත්හිටුවා තිබේ.

අදාළ මුහුදු කලාපයේ මුහුදු පතුළ පිළිබඳ නෞකා මගින් කෙරෙන විමර්ශන අවසන්වන තුරු සුන්බුන් සෙවීමේ කටයුතු අත්හිටුවා ඇති බව ඉන්මාසැට් සමාගම වැඩිදුරටත් සඳහන් කළේ ය.

ඉකුත් මාර්තු 08 වැනි දා මගීන් 239 දෙනෙක් සමග MH370 යානය අතුරුදන් විය.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 18 June 2014 12:39