March 29, 2024

තල්අෆාර් අල්කයිඩා ග්‍රහණයට

සුන්නි මුස්ලිම් කැරළිකරුවන් ඉරාකයේ බැග්ඩෑඩ් අගනුවරට සමීප වනවිට සිය තානාපති කාර්යාල නිලධාරීන්ට රැකවල් ලබාදීම සඳහා අමෙරිකානු හමුදා සෙබළු 275 දෙනෙක් බැග්ඩෑඩ් නුවරට යෙද වූ බව අමෙරිකානු පෙන්ටගනය ප‍්‍රකාශ කරයි.
උතුරේ මොසුල් සහ ටික්රික් නගර අත්පත් කර ගත් අල්කයිඩා සම්බන්ධයක් සහිත සුන්නි මුස්ලිම් කැරළිකරුවන් ක‍්‍රමෝපාය අතින් තවත් වැදගත් නගරයක්වන තල්අෆාර්, ඊයේ (16) සිය ග‍්‍රහණයට ගෙන ඇත.
ඒ අතර කැරළිකරුවන් ඉරාක සෙබළු 1700 ක් ඝාතනය කළ බවට පළවන වාර්තා පිළිබඳ ජාත්‍යන්තර අවදානය යොමු වී ඇතැයි ද වාර්තා වේ.
එය දරුණු යුද අපරාධයක් බව ජගත් මානව හිමිකම් කොමසාරිස් නවනීදන් පිල්ලේ සඳහන් කළා ය.

Rate this item
(0 votes)