March 29, 2024

ඇෆ්ගනිස්ථාන‍ ජනපතිගේ කාලය අවසන්

ඇෆ්ගනිස්ථාන‍යේ තලෙයිබාන් පාලනය පෙරළාදැමීමෙන් අනතුරු ව පත් වූ ජනාධිපති හමීඩ් කර්සායිගේ නිල කාලය මේ වනවිට අවසන් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මැතිවරණය සඳහා ඉදිරිපත් වූ කිසිදු අපේක්ෂකයෙකුට ඇෆ්ගනිස්ථානය පාලනය කිරීම සඳහා ජනාධිපතිවයෙකු තෝරා ගැනීමට පැවති මැතිවරණයෙන් 50%ට වැඩි ඡන්ද ප්‍රතිශතයක් ලබා ගැනීමට නොහැකි වී ඇත.
ඒ අනුව එහි දෙවැනි වටයට සුදුසුකම් ලැබූ හිටපු විදේශ කටයුතු අමාත්‍ය අබ්දුල්ලා-අබ්දුල්ලා සහ ලෝක බැංකුවේ හිටපු ආර්ථික විද්‍යාඥයෙකු වූ අශ්රාෆ් ඝානි අතරින් නව ජනාධිපතිවරයෙකු තෝරා පත් කර ගැනීම සඳහා දෙවැනි වටයේ ඡන්දය මේ වනවිට පැවැත්වෙමින් පවතින බව වාර්තා වේ.

Rate this item
(0 votes)